Friday, March 4, 2016

දෙරණේ සංඛ යලි සේවයට ලබා ගනී.

පසුගියදා යහපාලන ආණ්ඩුවේ බලපෑම මත සේවය අත්හිටුවීමකට ලක් වූ දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු වන සංඛ අමරජිත් නැවත වරක් එහි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් මත පදනම්ව ඔහුගේ සේවය අත්හිටුවනු ලද අතර නැවතත් අගමැතිවයාගේ ඉල්ලීම මත සේවයේ පිහිටුවීමද කර ඇත.මෙරට මාද්‍ය කලාවට අලුත් අත්දැකීමක් එක් කරන්නට ඔහු සමත්වී ඇත.පක්ෂ පාට නැතිව සියලු දෙනාට රසවින්දනය කල හැකි රුපවාහිනි නාලිකාවක් ලෙස දෙරණ හැදින්විය හැක.අපේ දේ රැකගෙන අලුත්දේ අරගෙන සැමදා අප හමුවට එන එතුමා ඇතුළු දෙරණ කාර්ය මණ්ඩලයට අපගේ සුභ පැතුම්..



"යහපාලනය විසින් සංක අමර්ජිත්ගේ රැකියාව අහිමි කල ආදාළ සිදුවිමේ සම්පුර්ණ කථාව අකුරක් අකුරක් පවා මේහි සඳහන් කර ඇත. ඔහු බුදුන්වහන්සේගේ ගුණ කියවෙන මෙම ගීය ආදාළ දින ගායනා කල ආකාරය පැහැදිලි කරමින් ඒසේ ගායනා කිරිමෙන් ඒවායේ වටිනාකම විනාශ වන බැවින් ඒ පිළිබදව පළමුව ඒම ගායනය ගායනා කල ආකාරයෙන්ම ධාවනය කර පෙන්වා මේසේ පවසන ලදි. “ඔය වගේ ශබ්ධ ඇහෙනවා නෙද? අර හැමදාම නෑවු නෑවු කියන බැලලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ ශබ්ධ කරනවා රැට, ඒතකොට අපි මොකද කරන්නේ ගඩොල් භාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද? මුසලයි මුස්පෙත්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හොල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරිතර ගීතයක් විදියට, බොදු බැති ගීයක් විදියට, දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියට තමයි සැළකුවේ. අමරදේව මහත්තයාගෙන් පටන් ගාත්තාම බෝහෝ ගායක ගායිකාවෝ ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් සැදැහැ සිතින් යුතුව ඒම ගීතය ගායනා කලා. නමුත් ඔය විදියට ඔය ගිතය විකෘර්ති කලේ ගිය පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් උත්සවය සමරන්න කියලා පවත්වපු උත්සවයකදි. ඉතින් ඔපෙරාද මොනවාද කියන්න දන්නේ නැ හැබැයි කේමදාස මාස්ටරුත් ඔපෙරා කලා ඒත් ඒ ගීතවලට තිබෙන ගෞරවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින්, තමයි ඔපෙරා කලේ ඇයි මේ වටිනා කියන දේවල් වලට මේහෙම කරන්නේ, ගඩොල් භාග බලාපොරත්තුවෙන් ඒහෙම කරනවාද කියන්න අපි දන්නේ නැ”

No comments:

Post a Comment