Thursday, March 3, 2016

භූමිකම්පාවක ස්වභාවය හා එය හටගන්නා අන්දම

 ඊයේ සවස ලංකාවේ මුහුදුබඩ පළාත් වල ජනතාව මදකට සසල කරන පුවතක් වුයේ ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවූ ප්‍රභල භූමිකම්පාව සමගයි..භූමිකම්පා ඇති වන අන්දම හා ඉන් වන හානි ගැන අප මදක් විමසා බලමු..එය ඔබේ දැනුමට ඉතා වැදගත් වනු ඇත.භෞතික පරිසරයේ වෙනස්කම් නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිපාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත්පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමක් මගින් භූමිකම්පාවක් ඇති වෙයි.පාථිවිඅභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.‍මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙමින් පවති.මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් පාෂාණ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පා සිදුවෙයි.

භූමිකම්පාවකදි තැටි ගැටීම සිදුවන්නේ මතුපිට සිට කිලෝමීටර් 15-20 පමණ අභ්‍යන්තරයකදීය.නමුත් සමහර ප්‍රදේශවල කිලෝමිටර් 100-200 පමණ අභ්‍යන්තරයේදී ද තැටි ගැටීම සිදුවෙයි. මෙම තැටි ගැටිම සිදුවන ස්ථානය නාභිය හෙවත් කේන්ද්‍රය(Focus)ලෙස හඳුන්වයි.කේන්ද්‍රයට ඉහලින් සිරස්ව භූ තලය මත ඇති ස්ථානය අපි කේන්ද්‍රය හෙවත් අපි නාභිය (Epicenter) ලෙස හඳුන්වයි. භූමිකම්පාවකදී P,S,හා Lවශයෙන් තරංග වර්ග තුනක් නිර්මාණය වෙයි.මුලින්ම තැටි ගැටීමත් සමග කේන්ද්‍ර‍යේ සිට P ෙහවත් ප්‍රාථමික තරංග ආරම්භ වෙයි.මෙය වේගවත්ම භූමිකම්පා තරංගය වෙයි.මෙහි වේගය තත්පරයට කිලෝමීටර් 8-9ක් පමණ වෙයි.මෙම තරංග ඕනෑම ඝන,ද්‍රවහෝ වායු ස්තරයක් ඔස්සේ ඉහළට ගමන් කරයි.

P තරංගය

P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට S හෙවත් ද්විතියික තරංගය ආරම්භ වෙයි.මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුවෙයි.එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමණ වේගයෙන් ගමන් කරයි.නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි.යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි.මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකටපාෂාණ ස්තර අතරින් ගමන් කරයි.

S තරංගය

මෙලෙස නිර්මාණය වූ P හා S යන තරංග දෙකම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙයි.මෙම භූ කම්පන තරංග අපි නාබිය හා අවට ස්ථානවලින් භූ තලය මතට ලඟාවෙයි.පසුව එම තරංග අපි නාභිය වටා වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි.කිසියම් නිෂ්චල ජලාශයකට ගලක් දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි.මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග L හෙවත් දිගු තරංග ලෙස හඳුන්වයි.මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි.එවිට පෘථිවි භූ තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි.මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.

භූමිකම්පාවක ප්‍රබලතාවය මැනීම

භුමිකම්පා මානය
මේ සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ භුමිකම්පා මානයයි.(Sesimograph).භූමිකම්පාවක ආරම්භයේ සිට අවසානය දක්වා නිර්මාණයවන කම්පන තරංග මෙහි වාර්තා වේ. මෙය රූපසටහනින් දැක්වෙන ආකාරයට භ්‍රමණයවන බෙරයකින් හා නොසෙල්වෙන ආලෝක ධාරාවකින් සකස් වී ඇත. භූමිකම්පාවක් ඇතිවෙන විට මෙහි බෙරය භ්‍රමණය වන අතර එවිට ආධාරකයක් ආශ්‍රයෙන් පවතින නොසෙල්වන ආලෝක ප්‍රභවයේ ධාරාව භ්‍රමණයවන බෙරයේ ඇති ප්‍රස්තාර කඩදාසිය මත පතිත වෙයි.ප්‍රස්තාර කඩදාසිය ආශ්‍රයෙන් භූමිකම්පාවේ ප්‍රබලතාවය සොයා ගතහැක.ප්‍රබලත්වය රිච්ටර් පරිමාණය හෝ මර්සෙල්ලි පරිමාණය ආශ්‍රයෙන් දැක්විය හැකිය.මෙම පරිමාණ දෙවර්ගය කැලිෆෝනියාවේ භූ කම්පන විද්‍යාඟයෙකු වු චාල්ස් රිච්ටර් විසින් සොයා ගන්නා ලදි.වර්තමානයේ බහුලව යොදා ගනු ලබන්නේ රිච්ටර් පරිමාණය වන අතර ප්‍රබල භූමිකම්පාවල ප්‍රබලතාවය ඒකක 7-8 පමණ වේ.

බිහිසුණු සාගර රළ නිර්මාණය වීම
වෙරළාසන්න කළාපවල හා සාගරික කළාප ආශ්‍රිතව භූමිකම්පා ඇතිවන විට ඉතා ප්‍රචණඩ වු සාගර රළ නිර්මාණය වෙයි.ඉතා වේගයෙන් ගමන් කරන හා උසට නිර්මාණයවන මෙවැනි තරංග සුනාමි(Tsunami) තරංග ලෙස හඳුන්වයි.මේවා පැයට කිලෝමීටර් 400ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20-30ක් පමණ උසට විහිදෙයි.මෙවැනි ප්‍රචණ්ඩ රළ ජපානය,හවායි,පිලිපීනය,චිලී ආදී ප්‍රදේශවල නිතර ඇතිවේ.2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි තත්ත්වය මිට කදිම නිදසුනකි.මෙම ප්‍රචණ්ඩ රළ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ යටවීම,ඛාදනය ප්‍රබලවීම,ධීවර නාවික කටයුතු,වරාය හා ජැටි,ප්‍රදිපාගාර ගොඩනැඟිලි,මිනිස් ජීවිත ‍විනාශවීම ආදි ආපදා සිදු වෙයි.

No comments:

Post a Comment