Saturday, March 5, 2016

මහින්ද ‘17’දා වේදිකාවේ..

මහින්ද ‘17’දා වේදිකාවේ..
මෙම 17 වන දා බොරැල්ල හයිඞ් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂය ජන රැළිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පවසන්නේ මෙම රැළියේ වේදිකාවට දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව තවත් පක්ෂ පහක නායකයින් ගොඩවනු ඇති බවයි.අද රටේ සෑම අංශයකම දෙපිරිසක් ගොඩනංවා ඇති අතර එකිනෙකා මරා ගන්නා තත්වයට පත්ව ඇත.කඩිගුලක් මෙන් සංවර්ධනය වෙමින් තිබු රට නැවත වසර ගනනාවක් පසුපසට ගොස් ඇත.බටහිර රටවල් වලට අවශ්‍යවන්නේ ජනතාව එකිනෙකා අතර බේද  භින්න කර අසමගිය ඇති කිරීමය.එය ඔවුන්ට ආවඩන පටු පරමාර්ථ ඉටුකර ගැනීමට මාන බලන අන්තගාමී NGO වලට හා විවිධ සංවිධාන වලට තෝතැන්නක් වී ඇත.

No comments:

Post a Comment