Wednesday, May 1, 2013

මැයි දිනයට ආ අයෙක් බසයෙන් වැටී මරුට..


  මැයි දින රැළියට සහභාගීවීමට ගිය කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකු හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත මැයි දින රැළියට සහභාගී වෙමින් සිටි මෙම පුද්ගලයා පා පුවරුවේ ගමන් කරමින් සිටියදී එයින් ඇද වැටී එකී බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඩයගම සිට නුවරඑළිය දක්වා ඩෙස්පෝට් මාර්ගයේ ධාවනය වෙමින් පැවති මෙම බස් රථයෙන් ඩෙස්පෝට් ප්‍රදේශයේදී මෙම ආධාරකරුවා ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩයගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කරුපයියා කාමරාජ් නමැති අයෙකි.

මළ සිරුර මේවන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ලිඳුල රෝහලේ තැන්පත් කර ඇති අතර ලිඳුල පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මැයි දිනයේ කටයුතු මෙන්ම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මුලින්ම සිතන ලෙස මහජනතාවට පොලිසිය දන්වා සිටී..

No comments:

Post a Comment