Monday, April 29, 2013

මුහුදු කොල්ලකරුවන් යලිත්..


පසුගිය දා නයිජීරියානු මුහුදු සීමාවේ දී මුහුදු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලාංකිකයින් පැහැරගෙන නොමැති බව ලංකාවට දන්වා ඇත.

පසුගිය 25 වැනි දින නයිජීරියානු මුහුදු සීමාවේ දී සිටි ඔෆ් සියාමෙන් නැමැති නෞකාවේ පුද්ගලයින් 5 දෙනෙකු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබූ බව රොයිටර් පුවත්
සේවය ඊයේ (29) වාර්තා කරන ලදී.

ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද සිටින බව එම වාර්තාවේ සඳහන් විණි.

කෙසේ වෙතත් එම පැහැරගත් පුද්ගලයින් අතර කිසිදු ශ්‍රී ලාංකික පුද්ගලයෙකු නොමැති බව අදාළ නෞකාව අයත් ජර්මන් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිතයා වන "ලව් ටෙයාන්" නැව් සමාගමේ කළමනාකරු සම්පත් වඩුගේ මහතා සඳහන් කළේය.

අදාළ නෞකාවේ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සේවය කර ඇති බවත් ඔවුන් සියලු දෙනා නිරපද්‍රිතව සිටින බවත් සම්පත් වඩුගේ මහතා අවධාරණය කර සිටියේය.
මුහුදු මංකොල්ල කරුවන් මර්දනයට එරට කඩිනම් වැඩපිළිවෙලක් යොදන බව  එරට කියා සිටී.

No comments:

Post a Comment